• G.W

කවුරුත් කැමතිම පරිප්පුව හදමු


මේක හැමදාම කන පරිප්පුවට වඩා පොඩ්ඩක් වෙනස් පරිප්පුවක් මොකද මේක හදන්නේ රස්සාවට මැදපෙරදිග ගිය කොල්ලෙක්ගේ style එකකට හදන්න අවශ්‍ය දේවල් 1. අපිට අවශ්‍ය තරමට පරිප්පු 2. ලුණු , මිරිස් කුඩු , අමු තුනපහ කුඩු , කහ කුඩු 3. අබ ටිකක් 4. තෙල් (පොල්තෙල්, olive oil උනත් ප්‍රශ්නයක් නැ ) 5. කරපිංචා කොළ 6. රම්පෙ කොළ 7. අමු මිරිස් 2ක් 3ක් පලලා ගන්න 8. කොත්තමල්ලි කොළ ස්වල්පයක 9. බී ලූණූ ටිකක් කපල ගන්න 10. සුදු ලූණූ බිකි 4ක් 5ක් අරගන්න ඔන්න ඔය ටික ලෑස්ති කරගෙන අපි එහෙනම් පරිප්පුව හදන්න පටන්ගමු පරිප්පු ටික දෙතුන් වතාවක් හොදට හෝදගන්න වෙනවා. ඊටපස්සේ හෝදගත්ත පරිප්පු ටික භාජනයකට දාල තැම්බෙන්න වතුර ටිකක් දාගන්න, වතුර සාමාන්‍ය ගානට තිබ්බනම් හරි, ඒකටම මිරිස් කුඩු, අමු තුනපහ කුඩු, කහ කුඩු එකතු කරලා ගින්දර යාන්තමට තියල තියන්න.පරිප්පුව තැම්බීගෙන එනකොට අපිට ඕනි ගානට ලුණු දාල එක අයින් කරලා වෙන භාජනයකට දාගන්න.. පස්සේ වෙන භාජනයක් තියල රත් වෙනකොට,තෙල් ටිකක් දාගන්න , හොදට තෙල් ටික රත් උනාම අබ ටික දාගන්න්න... අබ පුපුරනකොට සුදු ලූණු තලලා දාගන්න්න.. දාලා බී ලූණූ හා රම්පෙ කෑල්ල දාලා හොදට රස්තියාදු කරගන්න.. ටිකක් බැදෙන එන කොට සුවදත් එනකොට කොට කරපිංචා ටිකත් දාගන්න ඒකට පරිප්පු ටික දාල ආය රස්තියාදු කරගන්න.. ඊට පස්සේ පොල්කිරි ටික දාලා තව ටිකක් රස්තියාදු කරලා භාජනය වහලා තියල අර කොත්තමල්ලි කොළ ටික පොඩියට කපලා පරිප්පු එකට දාලා රස්තියාදු කරලා ගින්දර නිවලා වහලා තියන්න. විනාඩියකින් රස බලන්න...

  • Black Facebook Icon
  • Black Instagram Icon

© Applions.co