• G.W

නුවරඑළිය Gregory Lake


Gregory වැව නුවරඑළිය

Gregory වැව කියන්නේ නුවරඑළිය නගරයේ හදවත කියිව්වොත් නිවැරදි මොකද නුවරඑළියේ ජීවත් වෙන අයටත් නුවරඑලිය බලන්න එන අයටත් හිත ඇදිල යන අමුතු හැගීමක් දැනෙන විශේෂ තැනක් වෙන නිසා. නුවරඑළිය වැව ගැන කියනකොට මේ වැවේ තියෙන නමත් එක්ක ඉතිහාසයක් තියෙනවා.. බ්‍රිතාන්‍ය ආණ්ඩුව කාලේ මේ Gregory වැව තියෙන තැන සම්පුර්ණ මඩ වගුරක් විදිහට තමයි පිහිටලා තිබිල තියෙන්නේ.


Gregory වැවේ පරණ Photo එකක්

බ්‍රිතාන්‍ය ආණ්ඩු සමයේ නුවරඑළිය නගරය පාළනය කල Sir William Gregory කියන බ්‍රිතාන්‍ය ආණ්ඩුකාර වරයට අවශ්‍ය වෙනවා පිදුරුතලාගල කදුමුදුනෙන් එන ජලය තැනකට එක්රැස් කරගෙන හොද වතුර පාරක් සකස්කරන්න නුවරඑළිය Blackpool කියන ගමේ තිබුන Hydro Power Station එකට. ඒකෙන් නුවරඑළිය නගරයට වගේම tea කර්මාන්ත ශාලා වලටත් විදුලිය ලබා ගැනීමේ බලාපොරොත්තුවෙන්. ඉතින් Sir William Gregory මේකට සුදුසු තැනක් හොයාගෙන යද්දී මේ මඩ වගුරා ගැන අදහසක් පහල වෙනවා.1873 ඔහු මේ අක්කර 12කින් යුත් ඉඩම මිලදී ගන්නවා ඒ Captain Galway ගෙන්. 1913 දී Gregory වැවෙන් ප්‍රථම ජල පහර මුදා හරිනවා hydro power Station එකට. බ්‍රිතාන්‍ය ආණ්ඩු සමයේ විවිඩ ක්‍රියාකාරම් සදහාත් මේ වැව ප්‍රයෝජනයට අරගෙන තිබෙනවා ඒ Water Sports, Sport Fishing වගේ දේවල් වලට. Sport fishing ගැන කතා කරද්දී Trout මාළුවා ගැන කතා නොකරම බැරි දෙයක් එක අපි වෙනම බ්ලොග් එකකින් විස්තර දෙන්නම්.


මේ වෙනකොට නුවරඑලියට එන දෙස් විදෙස් හැමෝම අනිවාර්යෙන් Gregory වැව බලන්න යනවා ඒ වැවේ තියෙන ක්‍රියාකාරකම් එක්ක මෙහි එන පිරිස වැඩිවීමක් වෙනවා නුවරඑළිය වසන්ත උදානයත් එක්ක. බෝට්ටු පදින්න, බයිසිකල් පදින්න, lake Garden එක වටේ ඇවිදින්න, Speed boat වල යන්න , Jet-ski ride කරන්න. ඕන තරම් විනෝද වෙන්න මෙතන හොදම තැනක් වෙලා තියෙනවා. ඒ වගේම හවසක තනියම ඇවිදින්නත් වැවේ සුන්දරත්වය විදින්නත්, Bird watching, වගේම Air Taxi, Floating Restaurant, Food Stalls වගේ සේවාවන් මෙහිදී ලබා දීල තියෙනව. ඒ නිසා වැව ලග ඕන තරම් විනෝද වෙන්න පුළුවන් උනත් මෙහි සුන්දරත්වය අනාගත පරපුර වෙනුවෙන් රැක ගැනීමටත් අප වග බලා ගත යුතුයි.




  • Black Facebook Icon
  • Black Instagram Icon

© Applions.co