• G.W

Leopard rock දිවියා ගල


අද මම කියන්න යන්නේ පිට කවුරුත් වැඩිය දන්නේ නැති නුවරඑළිය තරුණයන් අතර ප්‍රසිද්ධ ලස්සන place එකක් ගැන. ඒ තමයි leopard rock එහෙමත් නැත්තනම් දිවියා ගල. මේ leopard rock එක පිහිටලා තියෙන්නේ පිදුරුතලාගල කඳුමුදුනේ වම් පැත්තට වෙන්න පිදුරුතලාගල රක්ෂිතයේ. මේ hike එක ඇත්තටම වටින්නේ adventure, uncommon, locations හොයන අය‍ටයි. මොකද මේ hike එකෙන් ලැබෙන්නේ වෙනස්ම අත්දැකීමක්.


අපේ hike එක පටන් ගන්නේ නුවරඑළියේ under-bank කියන ගමේ උඩම හරියේන්. hike එක පටන් ගන්න තැනට යන්න එච්චර අමාරු නැ දිගටම වාහනෙකින් උනත් යන්න පුළුවන්. ඔය ගමේ උඩම තියෙන හොටෙල් එක ගාවින් තියෙන අඩි පාරෙන් තමයි ගමන පටන් ගන්නේ.කොච්චර එළිය තියෙන දවසක ගියත් ගොඩක් අදුරුයි මේ පරිසරය. මොකද පටන් ගන්න්න හරියෙම අපිට හම්බවෙන්නේ pine ගස් ටිකක් නිසා.

ඇවිදින්නත් ටිකක් අමාරුයි pine ගස් වල කොළ වැටිලා පාර සම්පුර්ණයෙන්ම ලිස්සනවා එත් මුල හරිය නිසා එක ගැන වැඩිය හිතන්න යන්න එපා .


ශ්‍රි ලංකා කහ-කැන් කොන්ඩයා ( yellow eared bulbul )

එතනින් පස්සේ අපිට හැමබවෙන්නේ වෙනත් පරිසරයක් සාමාන්‍ය ගස් වලින් වටවුනු අදුරු නිහඩ පරිසරයක්. අපිට ඇත්තටම ඇහෙන්නේ කුරුල්ලන්ගේ හඩ වගේම අපේ අඩි ශබ්දය විතරයි. එත් අපිට අකමැත්තෙන් උනත් පාර දිගේ තියෙන මකුළු දැල් නම් කඩන්න වෙනවා. අපිට මේ විදිහට විනාඩි 30ක් විතර උඩට යන්න වෙනවා. ඊට අමතරව අපිට දිවියන්ගේ අඩි සළකුණු,

වල් උරන් හාරපු ගස් වල මුල් මේ හැමදේම බලාගන්න පුළුවන්. ඒ වගේම කුරුල්ලෝ ගත්තොත් Red vented bulbul, yellow eared bulbul, Green-billed Coucal, බලාගන්නත් පුළුවන්.


මේ ගමනේදී අපිට හම්බෙන ස්ථාන සම්පුර්නයෙන්ම එකිනෙකට වෙනස්. අපිට දැන් හම්බෙන තැන දැක්ක ගමන්ම මතක් වෙන්නේ Twilight film එකේ Location එකක් වගේ හැම ගහකම පාසි වලින් වැහිලා ගිහින් ගස් වල හතු ජාති වලින් පිරිලා තියෙනවා වගේම කන්ද ඇවිල්ල මහන්සි උනත් අමුතු සීතලක් අගට වදින්න ගන්නවා. එතනින් එක තැනකින් නුවරඑලිය නගර ලස්සනට පේනවා.



නුවරඑලිය නගරය

අපි තව විනාඩි 10ක් විතර ඉස්සරහට යනකොට අපි ඇවිත් නතර වෙන්නනේ Leopard Rock ගල මුදුනට.අපි ගල මුදුනට ආපු ගමන්ම අපිට පෙන්න ගන්නේ කිකිලියා මාන කදුවැටිය, නුවරඑළිය මහනුවර මාර්ගය, ලංකාවේ උසම ගම්මානය ශාන්තිපුර, ඇතින් නුවරඑළිය නගරය, සිංගල් ට්‍රී කදුමුදුන, Gregory වැවේ කොටසක් ලස්සනට බලාගන්න පුළුවන්, පැය 2කටත් වැඩි කාලයක් මේ ගමනට ගත උනත් ආපහු පහලට එන්න නම් හිත දෙන්නෙම නැති තරම්. ලස්සනට මිදුම ගලන හැටි, එක එක ජාතියේ කුරුල්ලන්, මහා රත්මල්, නිදහසේ බලාගන්න පුළුවන්. ඒ වගේම පොලතින් කිසිදෙයක් දාලා එන්න එපා එහෙම උනොත් මේ ලස්සන අපිට ඉදිරියට විදින්න බැරි වේවි.


කිකිලියා මාන කදුවැටිය


Image copyright's © Upul Nandana & Gayan weerakoon

  • Black Facebook Icon
  • Black Instagram Icon

© Applions.co