• G.W

Lovers leep දියඇල්ල



Lovers leep ඇල්ල

ලවර්ස් ලීප් දියඇල්ල කියන්නේ නුවරඑලියට එන දෙස් විදෙස් සංචාරකයන්ට බලන්න තියෙන තවත් ලස්සන ස්ථානයක්, මේ දියඇල්ල තියෙන්නේ නුවරඑළියේ හාවාඑළිය කියන ප්‍රදේශයේ. මේ දියඇල්ල පටන් ගන්නේ ලංකාවේ උසම කඳුවැටිය වන පිදුරුතලාගල කදුමුදුනේ සිටයි,

ඒ වගේම මේ දියඇල්ලේ උස ගත්තොත් මීටර 32ක් වෙනවා . මේ දියඇල්ලේ අවුරුද්ද පුරාවටම වතුර තියෙනවා වගේම හාවාඑළිය ප්‍රදේශයට වතුර ලබා දෙන්නෙත් මේ දියඇල්ලෙන් එන වතුර වලින්. 1849 මේ දියඇල්ලෙන් එන වතුර වලින් බීර නිෂ්පාදනය කරන්න පටන් අරන් තියෙනවා ඒ Sir Samul Baker කියන ආණ්‌ඩුකාරවරයා විසින් Ceylon Brewery කියන වෙළද නාමයෙන් තමයි මේ ආයතනය ආරම්භ කරේ. ඊට පස්සේ මේ ආයතනය විවිධ ආයතන යටතේ කළමනාකරණය කරත් 2001 වර්ෂයේ නුවරඑළියේ තිබුන ආයතනය සම්පුර්ණයෙන් වසා දමනවා.


Lovers leep ඇල්ලේ මුදුන

මේ දියඇල්ලට නම වැටුනේ ඉස්සර කාලේ හිටපු පෙම්වතුන් දෙන්නෙක් ඔය දිය ඇල්ලෙන් පහලට පැන්න නිසා කියල තමියි සමහර අය කියන්නේ, කොහොමත් මේ දියඇල්ල ලගට යන එකනම් පොඩ්ඩක් පරිස්සමෙන් කරන්න ඕන දෙයක් මොකද පායන දවස් වලටත් ඇල්ල ලග හොදටම ලිස්සනවා. පොඩ්ඩක් පොද වැටෙන වෙලාවට වැස්ස වැහලා ඉවර උන වෙලාවට යනවා නම් අනිවාර්යෙන් leech socks දාගෙන යන එක තමයි සුදුසුම,

එහෙම නැත්තන් කුඩැල්ලන්ගෙන් බේරෙන්න බැරි වෙයි. ඇල්ල කිට්ටුවට යන්නකලින් පොඩි පාරක් තියෙනවා ඇල්ල උඩට ගිහින් බලන්න පුළුවන්.

ඇල්ල මුදුනට මුළු හාවාඑළිය නගරය වගේම ඇතින් නුවරඑළිය Gregory Lake එක, හග්ගල කදුමුදුන, හොදට බලා ගන්න පුළුවන්. මේ ඇල්ලට එනවනම් පාරවල් 2ක් තියෙනවා, එත් ලේසිම එක තමියි Pedro වතුයාය මැදින් එන එක. ඇල්ල පෙන මානයට three-wheel එකක උනත් යන්න පුළුවන්. එතන ඉදන් මීටර 500ක් විතර පයින් යන්න වෙනවා. දිගටම පයින් ගියත් පාඩුවක් නැ මොකද මේ දියඇල්ල ඒ තරමටම ලස්සනයි, උදේ වරුවක වගේ ගියා නම් Bird watching වලටත් හොද තැනක්. brahminy kite , serpent eagle නිතරම වගේ බලාගන්න පුළුවන් ඇල්ල වටපිටාවෙන්.




බොරලන්ද හන්දියේ සිට ඇල්ලට යන පාර




  • Black Facebook Icon
  • Black Instagram Icon

© Applions.co