• G.W

සිංගල් ට්‍රී


සිංගල් ට්‍රී කන්ද

සිංගල් ට්‍රී කදුවැටිය කියන්නේ නුවරඑළිය නගරයට එන දෙස් විදෙස් ඕනෑම කෙනෙක්ට හිත ඇදිලා යන ප්‍රධාන කදුවැටියක්. තේ වත්තකින් වටවුණු මේ කදුවැටිය නුවරඑළිය නගරයට අමුතුම ලස්සනක් ගේනවා .මේ කදුවැටිය මීටර 2100 උස වන අතර ලංකාවේ කදුවැටි වලින් 7 වන ස්ථානය හිමිවෙනවා. ඕනෑම කෙනෙක්ට මේක බලන්න යන්න පුළුවන්. පොඩි trail එකක් එහෙමත් නැත්තන් පොඩි hike එකක් විදිහටත් හොදට ගැලපෙනවා.


කන්ද මුදුනටම යන්ඩ පාර තිබුනත් හොද adventure feeling එකක් ගන්න පුළුවන් තේ වත්ත මැදින් තියෙන පාර දිගේ ගියොත් තමයි. එත් ඉතින් උඩටම එහෙම යන්න අමාරුයි. ඒ වගේම සිංගල් ට්‍රී කන්දේ තියෙන පන්සලටත් ( ස්වර්ණගිරි මහා විහාරය ) යන්න අමතක කරන්න එපා. එතනටත් ලස්සනට නුවරඑළිය පේනවා. පන්සල ගාව ඉදන් පාර දිගේ කන්ද මුදුනටම යන්න පුළුවන්.

ස්වර්ණගිරි මහා විහාරය

කොහොමත් කන්ද මුදුනටම යන්න පැයක් වගේ යනවා. උදේ වරුවක හොදට අවට පැහැදිලි දවසක ගියා නම් කුරුල්ලෝ ජාති, නුවරඑළියේ Gregory වැව ,පිදුරුතලාගල කඳුමුදුන, lovers leep දියඇල්ල, හග්ගල කදුමුදුන, ලස්සනට බලාගන්න පුළුවන්. කන්දෙන් එහා පැත්තෙන් ඔයාලට බලන්න පුළුවන් ශ්‍රී පාද කදුවැටිය, සප්ත කන්‍යා කදුවැටියත්, උඩ රෑදල්ල මාර්ගය.




නුවරඑළිය Gregory වැව,


කදුමුදනට ආවම ඇවිද්දා මදි වගේ දැනෙනවානම් ඔතන ඉදන් අපිට තව trail එකක් යන්න පුළුවන්. ඒ තමයි සිංගල් ට්‍රී කදුමුදුනේ ඉදන් ලංකාවේ උසම ගම්මානය වන ශාන්තිල්පුර ගම්මානයට යන එක. හරියට ඔය මැප් එකේ දාලා තියෙන විදිහට . හැබැයි මේ trail එකටනම් හොදට පාර දන්න කෙනෙක් එක්ක යන එක තමා සුදුසුම එහම නැත්තන් අතරමන් වෙන්න පුළුවන්. උදේ වරුවක ආවානම් bird watching කරන කෙනෙක්ටනම් ගොඩක් කුරුල්ලෝ ජාති මේ trail එකේදී බලා ගන්න පුළුවන්.





Image copyright's © Upul Nandana & Gayan weerakoon









  • Black Facebook Icon
  • Black Instagram Icon

© Applions.co